පාසලේදී සුකුරු ටසාකිට යහළු යෙහෙළියන් සිවුදෙනෙක් වූහ. අහඹු ලෙස ඔවුන්
සිව්දෙනාගේම නම්වල කිසියම් වර්ණයක නමක් ද අන්තර්ගත විය. මිතුරන්
දෙදෙනාගෙන් එක් අයෙක් අකමට්සු වූ අතර එහි අරුත "රතු පයින්" විය. අනිකා
"නිල් සයුර" යන අරුත් ගැන්වූ අවුමි ය. මිතුරියන් දෙදෙනාගෙන් එක් අයෙක්
"සුදු පැහැ මුල" යන අරුතැති ෂිරෙන් වූ අතර සිව් වැන්නිය "කළු කුඹුර" යන
අරුත් දෙන කුරෝනෝ ය. නමුත් ටසාකිගේ නමෙහි එවැනි අරුතක් නොවීය. එහෙත් එක්තරා
දිනෙක මිතුරන් සිව් දෙනාගෙන් කෙනෙකු නැවත කෙදිනක හෝ මුණගැසීමට හෝ අඩු
තරමින් දැකීමට හෝ අනවශ්‍ය බව නිවේදනය කරයි. එදින සිට සිය ජීවිතයට අරමුණක්
නොමැතිව ඒ මේ අත පාවෙමින් සිටි ඔහු කිසිවෙකු සමඟ මිත්‍රශීලි ලෙන්ගතු
සබඳතාවක් ගොඩනඟා ගැනීමට අපහසු වෙයි. මේ සියලල් මැද ඔහුගේ ජීවිතයට එක්වන
සාරා පසුගිය කාල වකවානුව තුල සිදුව තිබූ ඒ සිද්ධීන් සියල්ල පිළිබඳ සොයා බලා
දැනගැනීමට කාලය එළඹ ඇති බව බලකර කියා සිටියාය.
Theertha Yathrawe Wasara Gananawak - තීර්ථ යාත්‍රාවේ වසර ගණනාවක්
- Publisher: Subavi Publishers - සුභාවී ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Haruki Murakami - හරුකි මුරකාමී
- - Manuwel Jayasekara - මැනුවෙල් ජයසේකර
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789551558956
- Availability: Out Of Stock
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 65