නැගෙනහිර ආකාසේ හිරු දෙවියන් සෙමින් සෙමින් නැග නැග ආවේ අපේ මිදුලට සේද රන් සළුවක් පා කරලා එවමින්.
කිතුල් මලේ දිග කැරලි රන්වන් වෙලා. හිමිදිරි උදේ හැම දේම ලස්සනයි.
වහු පැටවෙක් උම්බෑ ගානවා ඇහෙනවා. එයාගේ අම්මගේ කිරි ටික ඔක්කොම අපට බොන්න එපා කියනවා වගේ. ඒ වෙලාවට මිදුලට යන්න මට හරි ආසයි. මිදුලේ තණකොළ මතුපිට පිනි බින්දු වැටිලා, රිදී තිත් වැටුණු කොළ පාට රෙද්දක් වගෙයි.
හුළං දෙවියෝ සිහින් සොඳුරු ගීයක් ගයමින් වත්ත පුරා, ගේ පුරා ගැවසෙයි.
වත්ත කෙළවරේ උස් තැනක පිහිටා තිබුණු පොල් මුල උඩයි, මගේ රාජධානිය.
එතැනයි මගේ මාළිගාව, දිව්‍ය ලෝකය, වනාන්තරය, සිරිපා කන්ද, පාසල , නෑ ගෙදර, මඟුල් ගෙදර ...... ඕනෑ තරම් හීන මවන්නට මට පුළුවන් වුණ තැනක් ඒ පොල් මුලVaniyan Kalu Vaniyan - වැනියං කළු වැනියං
- Publisher: Adith Publishers - ආදිත් ප්‍රකාශකයෝ
- Categories:
- - Children's - ළමා කෘති
- - සිංහල ළමා කෘති
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - Sybil Wettasinghe - සිබිල් වෙත්තසිංහ
- - Sibil Weththasinghe - සිබිල් වෙත්තසිංහ
- ISBN: 9789555414198
- Availability: Available
-
Rs. 595.00
- KBOOKS Cashback Rewards: 35