"කෙනෙකුට ජීවත් වෙන්න ඉතුරු වෙලා තියෙන්නෙ ඉතා ම ටික කාලයක් නම්, ඒ ටික කාලෙත් නිදාගෙන ඉන්න මිනිහෙක් දිහා ඇඳක් ළඟට වෙලා බලාගෙන ඉන්නව නම් , ඒකෙන් කියවෙන්නෙ ආදරය වගේ දෙයක්.ඒ කියන කෙනා එහෙම බලාගෙන ඉන්නකොට හෘදයාබාධයක් එනවා.ඒත් ඒක ගණන් ගන්නෙ නැතුව ඉන්නව.මොකද,අර මිනිහා ළඟින් ඈත් වෙන්න අකමැති නිසා.අන්න ඒ වගේ ආදරේකට හුඟක් දුර යන්න පුලුවන්."
"ඒක සමහර විට කරකියා ගන්න දෙයක් නැතිකම වෙන්නත් පුලුවන්" වෙරෝනිකා කීවාය."මේ ඉර හඳ යට නිස්කාරණේ ඔට්ටු වෙන එක තේරුමක් නැති නිසා එහෙම ඉන්නවා වෙන්නත් පුලුවන්.වෙන අමුතු ම ලෝකෙක ජීවත් වෙන මිනිහෙක් එක්ක මං කොහොමද ආදරෙන් වෙලෙන්නෙ?"
"අපි හැමෝ ම ජීවත් වෙන්නෙ අපේ ම ලෝකවල.ඒ වුණාට අර තරු පිරිවරා ගත්ත අහස දිහා බැලුවොත් ඔයාට පෙනෙයි,ඒ කෝටි ගණන් වෙනස් ලෝක එකතු වෙලයි විශ්වය හැදෙන්නෙ කියලා.ඒ එකකට එකක් වෙනස්.ඒත් ඒ හැම එකක් ම එකතු වෙලයි මන්දාකිණි හැදෙන්නෙ .සෞරග්‍රහ මණ්ඩලය හැදෙන්නෙ"
ජීවිතය දෙස, ලෝකය දෙස විචාරශීලිව බැලීමේ ප්රවේශයකට අත්උදව්වක් මෙම නවකතාව තුළින් සැපයේ.
සාමාන්‍යයෙන් ගැහැනියක අපේක්ෂා කරන සෑම දෙයක්ම පාහේ වෙරෝනිකා සතු බව පෙනේ. ඈ තරුණ ය. රූමත් ය. කඩවසම් පෙම්වතුන්ගෙන්ද ඈට අඩුවක් නැත. නැටුම් ගැයුම් ආදියට පි‍්‍රය ය. ස්ථීර රැුකියාවක්ද ඇත. එහෙත් ඈ තුළ සතුට නැත. ජීවිතයේ කිසියම් දෙයක අඩුවක් ඈට දැනේ.
1997 නොවැම්බර් 11 වැනි දා ඈ සියදිවි නසාගන්නට තීරණය කරන්නීය. නිදිපෙති අධික ප්‍රමාණයක් පානය කරන ඈ මිය යයිද? නැතහොත් පිස්සන් කොටුවකදී සිහිය ලබයිද? එසේත් නැතහොත් ජීවිතය තව දවස් කිහිපයකට පමණක් සීමා වෙයිද?
Veronica Marenna Theeranaya Karai - වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Paulo Coelho - පවුලෝ කොයියෝ
- - Gamini Viyangoda - ගාමිණී වියන්ගොඩ
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789556770070
- Availability: Out Of Print
-
Rs. 850.00
- KBOOKS Cashback Rewards: 85