උඩරට, පහතරට හා සබරගමු යනුවෙන් දේශීය නර්තන සම්ප්‍රදායන් තුනකි. මෙකී නර්තන සම්ප්‍රදා අතරින් සබරගමු නර්තන සම්ප්‍රදායට අයත් ශෛලීන් සතරක් පවතින බව ජනප්‍රිය මතයයි. එම ශෛලීන් රත්නපුර, කලවාන, බළන්ගොඩ හා ඌව වේ. සබරගමු නර්තන සම්ප්‍රදායට අයත් රත්නපුර, කලවාන හා බළන්ගොඩ යන නර්තන ශෛලීන් පිළිබඳ අධ්‍යයන රාශියක් සිදුව පැවතිය ද ඌවේ පැවතියා වූ හා ඌවේ පවතින්නා වූ නර්තන රංග කලාව පිළිබඳ මෙතෙක් නිසි අධ්‍යයනයක් සිදුව නො මැත. එය ලාංකේය නර්තන කලාව සම්බන්ධයෙන් විශාල රික්තකයක් බව සදහන් කළ හැක. මක්නිසාදයත් ඌව, සබරගමු නර්තනයේ ශෛලියක් ලෙස ප්‍රකටව පැවතිය ද ඓතිහාසික මූලාශ්‍රය අධ්‍යයනයේ දී සබරගමුවේ නර්තන රංග කලාවක් ව්‍යප්ත වීමට ප්‍රථම ඌවේ නර්තන රංග කලාවක් පැවති බවට සාහිත්‍ය හා පුරාවිද්‍යා මූලාශ්‍ර මගින් තොරතුරු ලැබෙන බැවිණි.
එම හේතුවෙන් මෙම කෘතිය මගින් ඌව හා සබරගමුවේ ඓතිහාසික පසුබිම, ඌව හා සබරගමු නර්තනයේ ඓතිහාසික පසුබිම, භරතමුණිගේ නාට්‍යශාස්ත්‍රයේ අන්තර්ගත නියම මූලාශ්‍රව ඌවේ නර්තන රංග කලාව ගොඩනැගී ඇති අයුරු, රජ මාලිගා දේවාල මගින් ඌවේ පැවති නර්තන රංග කලාව පෝෂණය වූ අයුරු, ඌවේ පැවති ස්ත්‍රී පුර්ෂ නර්තන රංග හා වාදන, එම නර්තන රංග සදහා භාවිත වූ රංගවස්ත්‍රාභරණ, කාව්‍යනාට්‍ය ක්‍රම හා ඒවායේ ආකෘති ලක්ෂණ, ඌවේ නර්තන රංගන හා චලන බිහිවීමට බලපෑ සමාජ ආර්ථික දේශපාලන පසුබිම, අනෙක් සම්ප්‍රදායන්හි දක්නට නොලැබෙන ඌවට පමණක් ආවේණික වූ නර්තන හා එම නර්තන ඉදිරිපත් කිරීමට මූලික වූ හේතු පිළිබඳ සාකච්ඡා කෙරේ.
මෙරට දේශීය නර්තන රංග කලාවන් ප්‍රවර්ධනය කිරීමට, මෙම නර්තන කලාවන් ලොවට ගෙනයාමට නම් මෙම නර්තන කලාවන් පිළිබඳ විද්‍යාත්මකව අධ්‍යයනය කළ යුතුය. ශාන්තිකර්ම බිහිවූයේ ඇයි? ඒවාට නර්තන රංගන ඉදිරිපත් කලේ ඇයි? එම නර්තන රංගන මගින් කියවෙන්නාවූ අදහස් මොනවා ද? මෙම නර්තන රංගන පසුපස ඇති සමාජ දේශපාලනය කුමක් ද? මෙම නර්තන රංගනයන්හී ඇතුළත් ආකෘතික ලක්ෂණ කවරේ ද? යන්න නිසි අයුරින් හඳුනා ගැනීමෙන් ලක්දිව නර්තන පිළිබඳ නවමු වූ දිශානතියක් ඔස්සේ අධ්‍යයනය කිරීමට අවකාශ සැලසේ.
ඌවේ පැවති හා අධ්‍යතනයේ ඌවේ ශේෂව ඇති නර්තන රංග කලාව පිළිබඳ සිදු කරන ලද විශ්ලේෂණාත්මක අධ්‍යයනයක් මෙම කෘතියෙන් ඉදිරිපත් වේ. දේශීය නර්තන කලාවට නවමු වූ දැනුම් පද්ධතියක් එකතු කිරීම මෙම කෘතියේ ප්‍රධාන අරමුණ විය.
Uva Ranga Kala Sampradaya - ඌව රංග කලා සම්ප්‍රදාය
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- - Ramith Chandrasekara - රමිත් චන්ද්‍රසේකර
- ISBN: 9786245300464
- Availability: Available
-
Rs. 1,200.00