"සෝයුරනි, බිම බලාපල්ලා! අපි අපේ ගේ පොඩිත්ත බිම තියලා ඉගිලෙනවා!" එහෙම කියුවේ වැඩ බැරි දාස.
හැමදෙනාම හිනා වුනා. දොඩවන්නා දිගටම දොඩවන්නට වුණා.
"ඔයා කල්පනා කලේ අපේ ගෙයත් අපිත් එක්ක පියාඹයි කියලද?"
"මම එහෙම කල්පනා කලේ නැහැ!" වැඩ බැරි දාස කතා කළේ අමනාපයෙන්." මට පෙනුනා අපේ ගේ බිම තියෙන හැටි. ඉතින් මම ඒ ගැන කිව්වා. අපි හැමදාම ගෙදර ජීවත් වුණා. දැන් පියාසර කරනවා."
"ඔව්. අපි පියාසර කරනවා. කොහාට හරි යනවා!" දොඩවන්නා දෙඩෙව්වා.
"ඔයා දොඩවන්නා නිසා හැමදාම දොඩවනවා. ගුවනට නැගලත් දෙඩවීම නවත්වන්නේ නැහැ."
"ඔයා මගේ දෙඩවීමට අකමැති නම් යන අහක යන්න!"
"මම කොහේ යන්නද?"
"ඔය කතා නවත්වපල්ලා! ගුවනේ පාවෙද්දිත් නුඹලා කරන විවාද වල තේරුම මොකක්ද?".Wada Bari Dasa Guwane Piyabeema - වැඩ බැරි දාස ගුවනේ පියෑඹීම
- Publisher: Pragathi Publishers - ප්රගති ප්රකාශන
- Categories:
- - Children's - ළමා කෘති
- - Nikolai Nosov - නිකොලායි නෝසව්
- - Russian Children's Books - රුසියානු ළමා කෘති
- ISBN: 9789551889685
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35