වැඩ බැරි දාස ගැන කතා - 4 කොටස
. . . වැඩ බැරි දාස ගෙදර ඇවිත් මුළු දවස තිස්සේම කවි ගොතන්ට පටන් ගත්තා. කාමරය තුළ ඇවිදිමින්, වරෙක බිම බලමින්, තවත් වරෙක සීලිම දෙස බලමින් දෑතින් නිකට අල්ලා ගනිමින් තොල මතුරන්ට වුනා.
ඔන්න අන්තිමේදි එයා කවියක් හැදුවා.
"සෝයුරනි! මම කවියක් පද බැන්දා. මෙන්න අහපල්ලා!"
"ඉතින්, ඉතින් කියාපන්කෝ!" හැම දෙනාම ඔහුගෙන් ඉල්ලා හිටියා.
"මම කවි හැදුවෙ නුඹලා ගැනයි. පළමුවෙනි කවිය දක්ස පාල ගැනයි. මෙන්න අහපල්ලා!-
"දක්ස පාල ගියේ ගඟට නාන්නට,
ඔළුවට උඩින් පැනලා වැටුනා වළකට!"
"මොනවා? මම වළට වැටුනෙ කවදාද?" දක්ස පාල ඇහුවා.
"ඒක ඇත්ත තමයි. ඒ වුනාට මම එහෙම ලිව්වෙ එළිසමය ගලපා ගන්ට," වැඩ බැරි කවියා විස්තර කළා.
"ඉතින් නුඹේ එළිසමය රැක ගන්ට පට්ට පල් බොරුවක් ඇද බානවද?" දක්ස පාල ඇහුවෙ බොහොම කේන්තියෙන්.
"සත්තකින්ම, මම ඇත්ත සිද්දි ගැන ලියන්නෙ මොකටද? ඇත්ත ගැන කවි ලියන්ට ඕන නැහැ."
"නුඹ තවත් ඔය වගේ කවි ලිව්වොත්, නුඹට වැඩ වරදීවි." දක්ස පාල තර්ජනය කරලා මෙහෙම ඇහුවා: "ඉතින් නුඹ ලියාපු අනිත් කවි මොනවාද?"
"කඩිනම් රාළ ගැන ලියාපු කවිය අහපන්,-
හැදුනා කඩිනම් රාළට බඩගින්නක්,
ගිල්ලා හීතල ඉස්තිරික්කයක්."
"සෝයුරනි! වැඩ බැරියා කියන මේ කවි මොනවද? මම කවදාවත් ඉස්තිරික්ක ගිලලා නැහැ." කඩිනම් රාළ වේගයෙන් කෑ ගැහැව්වා.
"නුඹ කෑ ගහන්ට එපා. මම කවිය ගෙතුවේ එළිසමය රැක ගන්ට ඕනෑ හින්දා. හීතල ඉස්තිරික්කයක් කියලා ලියුවේ බඩගින්නක් කියන වචනයට ගැළපෙන විදිහට," වැඩ බැරි කවියා කියුවා.
"මම හීතල ඉස්තිරික්කයක් හරි රශ්නෙ තියෙන ඉස්තිරික්කයක් හරි කවදාවත් ගිලලා නැහැ!"
"ඉතින් මම කියන්නෙ නැහැ නොවැ, ඔයා රශ්නෙ තියෙන ඉස්තිරික්කයක් ගිල්ලා කියලා" වැඩ බැරියා කඩිනම් රාළව සනසලා, ඈනුමා ගැන ඔහු ලියාපු කවි ගැන මෙහෙම කිව්වා:
"ඈනුමා ගැන ලියාපු කවි අහපල්ලා!-
ඈනුමාගෙ කොට්ටය යට
සඟවා තලප රෑ කෑමට."
ඈනුමා දුවලා ගිහිල්ලා ඇඳේ තිබුණු කොට්ටය ඔසවා බැලුවා.
"හරිම බොරුවක්! මගේ කොට්ටය යට තලප නැහැ."
"අපේ ඈනුමාට කවි ගැන කිසිම දැනීමක් නැහැ. මම ඒ වචන ලිව්වෙ එළිසමය ගලපා ගන්ට විතරයි. ඔන්න අහපල්ලා මම එඬරු තෙල් දොස්තර ගැන ලියපු කවිය."
"නවත්වාපන්! නුඹගෙ ඔය පල් හෑලි අහන්න අපි තව දුරටත් ලෑස්ති නැහැ. නුඹ ලියා තියෙන්නෙ කවි නොවෙයි, මිනිස්සුන්ට නින්දා කරන බොරු කතා!"
එවිට දක්ස පාලයි, කඩිනම් රාළයි, ඈනුමායි විතරක් ඒ අදහසට විරුද්ධ වෙලා කෑ ගැසුවා.
"අනිත් අය ගැන ලියපු කවිත් කියවාපන්! අපි ඒවා අහන්ට කැමතියි. ඒ ගොල්ල අපි ගැන ලියාපු කවිත් ඇහැව්වා නොවේද?"
"නැහැ! ඕන නැහැ. අපි ඒවා අහන්න කැමති නැහැ!" අනිත් කුරු ළමයි සියලු දෙනාම එකවර කියුවා.
"නුඹලා කැමති නැතිනම් මම ඒ කවි අල්ලපු ගෙදර මිනිස්සුන්ට කියවන්නම්," වැඩ බැරි කවියා කියුවා.
"මොනවා? නුඹ අල්ලපු ගෙදර මිනිසුන් ඉදිරියේ අපට අවමන් කරන්ට හදනවද? නුඹ එහෙම කළොත් ආපහු මේ ගෙදරට එන්නෙ නැහැ!"
"සෝයුරනි! මම එහෙම කරන්නෙ නැහැ. නුඹලා මා සමඟ තරහ වෙන්ට එපා"
ඔන්න ඉතින් එදා සිට කුසුම් පුරයේ වැඩ බැරි දාස කවි ලිවීම අතහැර දැම්මා.
Wada Bari Dasa Kavi Liyapu Hati - වැඩ බැරි දාස කවි ලියපු හැටි
- Publisher: Pragathi Publishers - ප්රගති ප්රකාශන
- Categories:
- - Children's - ළමා කෘති
- - Nikolai Nosov - නිකොලායි නෝසව්
- - Russian Children's Books - රුසියානු ළමා කෘති
- ISBN: 9789551319595
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Kolyage Dinapotha - කෝල්යාගේ දිනපොත
ළමෝ කණ්ඩායමක් එක්ව නිවාඩු කාලය පුරා කල කටයුතු ගැන කියවෙන්නකි.ළමුන් තුළ වන ස්වබාවික කුතුහලය, විනෝදකාම..
Rs. 250.00
Veethyage Iskole - වීත්යාගේ ඉස්කොලේ
වීත්යා නම් දරුවා ලියූ මතක සටහන් පෙළක් ඇසුරින් දිග හැරේ.ළමුන් තුළ පවත්නා සහජ කුතුහලය ,දඟකාරිත්වය ,මුර..
Rs. 450.00
Wada Bari Dasa Chithra Shilpiyek Wunu Hati - වැඩ බැරි දාස චිත්ර ශිල්පියෙක් වුණු හැටි
වැඩ බැරි දාස ගැන කතා - 3 කොටස..
Rs. 350.00
Wada Bari Dasa Sangeethakarayek Wunu Hati - වැඩ බැරි දාස සංගීතකාරයෙක් වුණු හැටි
වැඩ බැරි දාස ගැන කතා - 2 කොටස..
Rs. 350.00
Wada Bari Dasa Harithapuraye - වැඩ බැරි දාස හරිතපුරයේ
13වන පරිච්ඡේදයේ සිට 30 වන පරිඡ්චේදය දක්වා කතාන්දර ඇතුළත්ය ....
Rs. 900.00
Wada Bari Dasa Guwane Piyabeema - වැඩ බැරි දාස ගුවනේ පියෑඹීම
"සෝයුරනි, බිම බලාපල්ලා! අපි අපේ ගේ පොඩිත්ත බිම තියලා ඉගිලෙනවා!" එහෙම කියුවේ වැඩ බැරි දාස. හැමදෙනාම ..
Rs. 350.00
Wada Bari Dasa Gana Katha Kusum Puraye Wamanayo - වැඩ බැරි දාස ගැන කතා කුසුම් පුරයේ වාමනයෝ
වැඩ බැරි දාස ගැන කතා - 1 කොටස..
Rs. 350.00
Wada Bari Dasa Gaman Giya Sati - වැඩ බැරි දාස ගමන් ගිය සැටි
වැඩ බැරි දාස ගැන කතා - 5 කොටස..
Rs. 350.00
Guwane Pawena Balumak Sadeemata Daksa Paala Kalpana Kala Sati - ගුවනේ පාවෙන බැලුමක් සෑදීමට දක්ස පාල කල්පනා කළ සැටි
වැඩ බැරි දාස ගැන කතා - 6 කොටස..
Rs. 200.00
Wada Bari Dasa Gana Katha Mee Pani Palastharaya - වැඩ බැරි දාස ගැන කතා මී පැණි පැලැස්තරය
වැඩ බැරි දාස ගැන කතා - 11 කොටස..
Rs. 350.00
Wada Bari Dasa Gana Katha Aluth Yaluwo - වැඩ බැරි දාස ගැන කතා අලුත් යාළුවෝ
වැඩ බැරි දාස ගැන කතා - 12 කොටස..
Rs. 350.00
Mal Nagaraye Poddo - මල් නගරයේ පොඩ්ඩෝ
ළමෝ කණ්ඩායමක් එක්ව නිවාඩු කාලය පුරා කල කටයුතු ගැන කියවෙන්නකි.ළමුන් තුළ වන ස්වබාවික කුතුහලය, විනෝදකාම..
Rs. 350.00