ඉතුරැ වෙච්ච එකෙකුගෙන්, වෙන්ව ගිය එකෙකුට...-
දැන්
කොළඔ යන්න හිතෙන්නෙත් නෑ මචං...
ඉතුරැ වෙච්ච ඔක්කොම උන්(මාත් ඇතුළුව)
හරිම පිලිවෙලයි
ගල් බාගයක් බොන්නවත් එකෙක්
හොයා ගන්න නෑ මචං....
ඉතුරැ වෙච්ච උන් ඔක්කොම(මාත් ඇතුළුව)
හරිම විනයගරැකයි
රස්තියාදු ගහන්නෙ නෑ මචං..
දාඩිය දානවට බයේ
කම්මුලේ වල ගොඩැලි පුරවලා
ඩියෝඩුනට් අතුල්ලනවා මෙහේ කිහිලිවල
ඔහෙත් එහෙමද?
විප්ලවවාදීන් ඇවිත්
ඉන්ෂුවරන්ස් දාන හැටි කියලා දෙනවද උඔට?
එක සිද්ධියක් අරින් නෑ මචං...
කවි ලියනවා-පල කරනවා
පොත් ගහනවා-එළි දකිනවා
සැන්විචුත් නෙස්කැෆෙත් තියෙනවා
සිංහල-බෞද්ධ කලවා දෙස බලාගෙන
ටොරිංටන් එක ලගින්
අපි වෙන්ව යනවා
කවුරැවත් නෑ දැන්
අපේ පස්සෙන්
බුද්ධි අංශෙටත් ඇති වෙලා
හොයා ගන්න තරම් දෙයක්
නැති නිසා
උස්සන්නවත් කවුුරැත්
ඉතුරැ වී නැති නිසා
Wadiyenma Waradune Kawiyanta - වැඩියෙන්ම වැරදුණේ කවියන්ට
- Publisher: Santhawa Publishers - සන්තව ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Lakshan Madhuranga Wickramarathna - ලක්ෂාන් මධුරංග වික්රමරත්න
- ISBN: 9789550980154
- Availability: Out Of Print
-
Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20