කාන්තාවන්ට, ජීවිතයේ අනේක දුක්ඛ දෝමනස්සයන් මුණ දීමට සිදුවන්නේ ජාති, ජන්ම, කුල ගෝත්‍ර, වංසක්කාර බව නොසලකමින් බව අපට මොනවට කියාදෙන ඉංගිරිසි වික්ටෝරියන් සම්හාව්‍ය ගණයට ගැනෙන සංවේදී කතාවකි 'East Lynne'.
19 වැනි ශතවර්ෂයේ ජීවත් වූ, ඉංගිරිසි ජාතික Ellen Wood (Price) වැඩි දෙනා දන්නා, හෙන්රි වුඩ් මහත්මිය, East Lynne, Danesbury House, Oswald Cray, Mrs. Halliburton's Troubles, The Channings, Lord Oakburn's Daughters, The Shadow of Ashlydyat, The Ghost of the Hollow Field, Anne Hereford, වැනි ඉතා ප්‍රකට, සම්හාවණීය නවකතා 30 ක් පමණ රචනා කර ඇති ප්‍රකට ගත් කතුවරියකි.
හෙන්රි වුඩ් මහත්මිය විසින් 1861 දී රචිත, East Lynne නම් මෙම කෘතියෙන්, එංගලන්තයේ විසූ වංශවත් පවුලක අහිරූමත්, ඉසබෙල් කාලයිල් කුමරියට, දෛවෝපගත ඉරණමකට මුහුණ දීමට සිදුවන්නේ ඇයිදැයි ප්‍රශ්ණ කරයි.
මෙය කෙතරම් ජනප්‍රිය වී ද යත් කීපවරක් චිත්‍රපටියට නැගී ඇත. මෙය 1952 දී දෙමල චිත්‍රපටියකටත් ,1982 දී TV චිත්‍රපටියකටත් නැගී ඇත.
මෙය මුලින් ම සිංහල බසට පෙරළුනේ, ජේ. ෆ්රැන්සිස් ප්‍රනාන්දු නම් කතුවරයාගේ 'ඉඳුරු විමන' නම් කෘතියෙනි. ඔහු ඉසබෙල් කුමරිය ඉපදුනු 'East Lynne' නම් මන්දිරයේ නම හාවිතා කරමින් පොත 'ඉඳුරු විමන' ලෙසට හඳුන්වයි.
Wansakkarayo - වංසක්කාරයෝ
- Publisher: Sooriya Publishers - සුරිය ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Ellen Wood
- - Jayanthi Samarasekara - ජයන්ති සමරසේකර
- ISBN: 9789556562149
- Availability: Out Of Stock
-
Rs. 900.00
- KBOOKS Cashback Rewards: 90