වසත් කාලය මනරම් ඔබ මලක් වෙනවා නම්
මගේ උයනේ නිකැලැල් පීදිලා එනු හැම කල්
මම දුරින් සුපිපෙන්නම් නුඹට ලංවෙනු තහනම්
අනුන් සතු උයනේ මං පීදිලා ලත වෙන්නම්
නෙලනු බැරි මල් ඇයි මේ සොඳුරූ
හිතක නැති මල් ඇයි මට නුදුරූ
පැතූ මලේ රුසිරූ මන්ද මට පස මිතුරූ
මලක් වී පැතු බඹරෙකු නොලැබූ
පිපෙන්නට විය දෑතක නුහුරූ
ආදරේ සොඳුරූ මට නොවෙද පස මිතුරූ
නෙළු මලක් වුව මල් ලොව කවුරූ
දුරින් ඉඳ මම නරඹමි රුසිරූ
නොවෙන් මට නපුරූ කඳුළ මගෙ ළඟ මිතුරූ
හිත පුරා ඇවිදින ඔබෙ පිළිරූ
අහිමි දුක වලකමි කොයි අයුරූ
දුරින් හිඳ නුදුරූ නිවනු මැන ගිනි පුපුරූ
Wasath Kalaya - වසත් කාලය
- Publisher: Santhawa Publishers - සන්තව ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Ravi Siriwardhana - රවී සිරිවර්ධන
- ISBN: 9789550980703
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Iwuru Dalata Enna - ඉවුරු දෑලට එන්න
ඉවුරු දෑලට එන්න ගලන ගඟ නරඹන්නඔබ බලන්නට පැමිණි ගඟද මේ...ගඟ බලන්නට පැමිණි ඔබද මේ...ඔබ දුටුව ගඟ නැවත ඔබ..
Rs. 250.00
Geethayakin Jeewithaya Kiyawamu - ගීතයකින් ජීවිතය කියවමු
විජය පුවත්පත් සමාගම මගින් ප්‍රකාශයට පත් කරන දේශය සතිඅන්ත පුවත්පතේ - හදසර අතිරේකයට ලියූ විචාර ලිපි එක..
Rs. 600.00
Pradeepagarayaka Es Balma - ප්‍රදීපාගාරයක ඇස් බැල්ම
ඔබට... දැන් ඉතින් සඳ එලිය මට ඉලව් ගෙදරක් ය සිතට සුදු කොඩි දමා හඳ පත්තු කල හැකිය කඩාගෙන තරු කිණිති ..
Rs. 350.00
Me Gamana - මේ ගමන
සිංහල ගේය පදකරණයේ මෑත කාලීන ප්‍රවණතා පිළිබඳව විමසීමේදී රවී සිරිවර්ධනයන්ගේ දායකත්වය අති විශාලය. ගේය ප..
Rs. 3,000.00