ඇබේලා.. ඇබේලා.. ඉක්මනට නැගිටපන්..“ නයෙක් පිඹිනවා වගේ පිඹින කටහඩක් ඇහුණා. කවුදෝ මගේ උරහිසින් අල්ලලා හෙලෙව්වා..
ඒ අත්තම්මා..
“ඇබේලා.. අම්මට හොදටම අමාරුයි..“
එළියක් නැති නිසා කාවවත් පේන්නෙ නෑ.. නයෙක් වගේ පිඹින කටහඩකුයි, මගේ උරහිසින් තදින් අල්ලගෙන ඉන්න ගොරෝසු අතකුයි විතරයි.
මට දැනුණේ ලොකු බයක්.. අසරණකමක්. මං කලුවරේම මැටි පොලව අතගාලා අම්මා ඉන්න තැන හොයාගත්තා..
අම්මා ගින්දර වගේ රස්නෙයි.. තෙතයි.. අම්මගෙ හුස්ම ගහකින් ගැලවෙලා වැටෙන කොළයක් වගේ වේලිලා..
“දැන් ඉතින් එයාව ඉස්පිරිතාලෙට ගෙනියන්න වෙලාව හරි..“ අත්තම්මා කිව්වා.
මං ඒ වෙනකොටත් හිටියෙ නින්දත් නොනින්දත් අතර.. ඒ වගේම බයෙනුත්, දරාගන්න බැරි දුකකිනුත් වෙව්ල වෙව්ලා.
ඉස්පිරිතාලෙ තියෙන්නෙ ටවුමෙ.. හොද සනීපෙන් ඉන්න කෙනෙකුට වුණත් ටවුමට යන්න මුලු දවසක්ම ගත වෙනවා..
වෙන මොනව කරන්නද..
ඉරිගු කොටන්න ගන්න හීන් දිගටි මෝල්ගහකුත් ආරක්ෂාවට අතේ තියන් මං අම්මාත් එක්ක පයින්ම ඉස්පිරිතාලෙ යන්න පිටත් වුණා.. මහ රෑ.. කට්ට කලුවරේ..
(අපේ තාත්තාව අරගෙන ගිය.. දැන් අම්මාවත් අරන් යන්න ලෑස්ති වෙන මේ ලෙඩේ.. ඒඩ්ස් කියලා ඒ වෙනකොට මං දැනගෙන හිටියෙ නෑ.. ඒ ලෙඩේ උණ හෙම්බිරිස්සාවක් තරමට, වසංගතයක් වගේ අපේ ගම් වල පැතිරිලා තිබ්බා.. ලෙඩේ හැදිලා ඉස්පිරිතාලෙට යන කවුරුවත් ආපහු ආවෙ නෑ..)
අපි දෙන්නා ඉස්පිරිතාලෙට ගියාම
ඉස්පිරිතාලෙ අම්මා වගේ ලෙඩ වුණ අය ගොඩක් හිටියා..
ඒත් දොස්තර කෙනෙක් නං හිටියෙ නෑ..
නර්ස් නෝනා කෙනෙක් නං හිටියා..
එක පිරිමි ළමයෙක් කිකිලියක් කිහිලි ගන්නගෙන
නර්ස් නෝනා පස්සෙන් ඇවිද්දා..
“මූව අරන් මගේ තාත්තට බෙහෙත් ටිකක් දෙනවද..? අනේ පිං සිද්ද වෙනවා.. අම්මා කිව්වා අපේ ගාව සල්ලි නෑ කියලා..“
“ඔයාගෙ කිකිලිවත් අරං යන්න මෙතනින්..“ නර්ස් නෝනා සැර කරා..
අපි ඉස්පිරිතාලෙට එන මගදි හම්බවෙච්ච සුදු නෝනා මගේ අතට කාසි දෙකක් දුන්නනෙ..
“මගේ ලග සල්ලි තියනවා..“ මං කිව්වා. මගේ අම්මට බෙහෙත් ටිකකුයි මෙයාගෙ තාත්තට බෙහෙත් ටිකකුයි දෙන්න.. මේ ඇත්තම සල්ලි..“
“සල්ලි හරි කිකිලියෝ හරි.. ඕවයෙන් දැන් වැඩක් නෑ දරුවෝ.. අපේ ලග කිසිම බෙහෙතක් ඉතිරි වෙලා නෑ.. අපේ ලග තිබුණ බෙහෙත් ඉවර වුණේ මීට සති දෙකකට කලින්..“
“මේ සල්ලි වලින් අම්මව දොස්තර කෙනෙකුටවත් පෙන්නන්න බැරිද.?“
“මෙහේ දොස්තරලා නෑ.. හැමෝම ඉස්පිරිතාලෙ අතඇරලා ගිහින්.. ඔයාට ඔය සල්ලි කොහෙන් ලැබුණත්.. ඒකෙන් කරන්න පුලුවන් කිසිම දෙයක් නෑ.. අඩුම ගානේ ඒවා ඔයාට කන්නවත් බෑ.. මෙහේදි සල්ලි වලින් කරන්න පුලුවන් එකම දේ මිනී පෙට්ටියක් ගන්න එක විතරයි..“
අපි සතියක්ම ඉස්පිරිතාලෙ හිටියා..
ඒත් බෙහෙත් වෑන් එකක් ආවෙ නෑ..
දොස්තර කෙනෙක් ආවෙත් නෑ..
. ඉල්ලගත්ත ප්ලාස්ටික් බෝතලේකට වතුර ගෙනත් මං අම්මව නෑව්වා.. අම්මට වතුර බොන්න දුන්නා.. ඇවිදලා මොන මොනවා හරි කන්න දේකුත් හොයාගෙන ගෙනත් අම්මට කැව්වා..
ඒත් සතියකට පස්සෙ අම්මා මැරුණා..
මං පයින්ම ආපහු ගමට ආවා..
ගමට එනකොට දෙවියන් වහන්සේ මගේ නංගිවත් උදුරගෙන.. මට ඉතිරිවෙලා හිටියෙ අත්තම්මා විතරයි..
ඊට පස්සෙ..
මගේ මාමා එංගලන්තෙ කියන රටේ ඉදන් ආපහු ගමට ආවා.. රත්තරන් පාට කොණ්ඩෙ තියෙන සුදු නෝනෙකුත් එක්ක..
“මං ආපහු එංගලන්තෙට යනවා අම්මෙ.. එහේ හැමෝටම එක කාමරයක් ගානෙ තියෙන ගෙවල් තියනවා.. කාර් තියනවා.. උනුවතුර තියෙන නානකාමර තියනවා..“ මාමා අත්තම්මට කියනවා මට ඇහුණා..
“ඒත් උඹ කොහොමද එහෙට යන්නෙ..? උඹව එහෙන් එලෙව්වයි කියනවා නෙවද..?“ අත්තම්මා ඇහුවා.
“මං ගාව තියනවා හොද අපූරු ප්ලෑන් එකක්.. ඒ ගොල්ලොන්ට මාව ඕන වෙයි.. ඒ ගොල්ලො කොහොමටවත් මාව මගේ හාමිනේගෙනුයි.. දරුවගෙනුයි වෙන් කරන එකක් නෑනෙ..“ මාමා හිනා වෙවී කිව්වා.
“උඹේ හාමිනේ..? උඹ මේ ගෑනිව කසාද බැන්දද..?“ අත්තම්මායි මාමයි කතා කරේ අපේ ස්වාහිලි භාෂාවෙන් නිසා සුදු නෝනට ඒක තේරෙන්න නැතුව ඇති.
“තාම නෑ.. හෙට අනිද්දට කසාද බදිනවා.. මේ කෙල්ල පෝසත්.. හැබැයි හරි මෝඩයි..“
“ඉතින් එයාට උඹෙන් දරුවෙක් හම්බවෙන්න ඉන්නවද..?“
“ඒක තමයි මම කිව්වෙ මට හොද ප්ලෑන් එකක් තියනවා කියල.. ඒකට ප්‍රශ්නයක් නෑ.. මට දුවෙක් ඉන්නවා කියලා උප්පැන්න සහතිකයක් හදාගන්ඩ පුලුවන්.. මට එයාට පාස්පෝට් එකක් හදාගන්ඩත් පුලුවන්..“
“එයාට..? කාටද..?“
“ඇබේලා ම්බිසිට..!!“ මාමා හිනාවෙවී කිව්වා.
“මගේ ඇබේලා..?“ අත්තම්මා ඇහුවා.
“ඔයාගෙ ඇබේලා..? මගේ මැරුණ අක්කගෙ අනාත වෙච්ච ළමයා.. ඉතින් මොකක්ද ප්‍රශ්නෙ..? එයා අනාත ලමයෙක්..!“
..........................................
මගේ මාමට එංගලන්තෙට පැනගන්න එයාගෙයි සුදු නෝනගෙයි දුව විදිහට මට එංගලන්තෙට යන්න සිද්ද වුණා.. එංගලන්තෙ.. මගේ කියන්න කවුරුවත් නැති නාදුනන රටක්..
ඒ නාදුනන රටේ මං අතරමං වුණා..
.........................................
ඊට පස්සෙ....?????

..........................
මගේ මාමට එංගලන්තෙට පැනගන්න එයාගෙයි සුදු නෝනගෙයි දුව විදිහට මට එංගලන්තෙට යන්න සිද්ද වුණා.. එංගලන්තෙ.. මගේ කියන්න කවුරුවත් නැති නාදුනන රටක්..
ඒ නාදුනන රටේ මං අතරමං වුණා..
..........................
ඊට පස්සෙ....?????
Abela - ඇබේලා
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Muditha Herath - මුදිතා හේරත්
- ISBN: 9789556529845
- Availability: Out Of Print
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45